TEG සමූහයේ 25 වසරක විශිෂ්ටත්වය සැමරීමේ උත්සවය
TEG සමූහයේ 25 වසරක විශිෂ්ටත්වය සැමරීමේ උත්සවය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පසුගියදා ( ජූලි 27) පැවැත්විණි.
TEG සමූහයේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රනාන්දු ට්‍රොපිරොපිකොයර් ලංකා (පෞද්ගලික) සමාගම ( Tropicoir Lanka (Pvt) Ltd) 1998 දී කුඩා පිරිසකගේ දායකත්වයෙන් වාණිජ මෙහෙයුම් ආරම්භ කොට ඇති අතර පසුව ව්‍යාපාරයේ විභවයන් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් හදුනාගනිමින් 2000 දී Euro Substrates (Pvt) Ltd සහ Growrite Substrates (Pvt) Ltd ස්ථාපිත කොට තිබෙයි. 2006 දී, නෙදර්ලන්තයේ Van Der Knapp Group සමඟ අත්වැල් බැඳගනිමින්, නවෝත්පාදන සහ ව්‍යාපාර වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ඇති කොට ගෙන තිබෙයි.
2011 දී TEG සමූහය කැනඩාවේ ප්‍රිමියර් ටෙක් ( Premier Tech ) සමඟ හවුල් ව්‍යාපාරයකට අවතීර්ණ වෙමින් පරිසර ආරක්ෂණය සඳහා සම්පූර්ණයෙන්ම නව යෙදුමක් සංවර්ධනය කොට කොහු චිප්ස් අපජල පිරිපහදු කිරීම සඳහා ජෛව පෙරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරමින් නව වෙළෙඳපොළ තත්වයක් නිර්මාණය කළේය.වර්ධනය සඳහා නව ක්ෂිතිජයක් විවෘත කළේය. අද වනවිට TEG සමූහය තිරසාර සාර්ථකත්වයක් සමඟින් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ඉහළම ස්ථානයට පත්ව සිටින අතර අගය එකතු කළ කොහු උපස්ථර නිෂ්පාදන බහාලුම් 2000කට අධික ප්‍රමාණයක් අපනයනය කරමින්, රටවල් 40කට අධික ප්‍රමාණයක විද්‍යාත්මක උද්‍යානකරණය ( horticultural) , පාරිසරික ( environmental ) සහ, සහ සුරතල් සතුන්ගේ ඇඳ ඇතිරිලි වෙළෙඳපොළ (pet bedding markets) ආවරණය කරමින් ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය උපයා දෙයි.
TFG සමූහය ඔවුන්ගේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මේ වනවිට ඍජු රැකියා 1300 කට අධික සංඛ්‍යාවක් උත්පාදනය කොට ඇති අතර උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් සහ සේවා සපයන්නන් වැනි තවත් වක්‍ර රැකියා අවස්ථා 2000 කට ප්‍රමාණයක් උත්පාදනය කොට තිබෙයි. එමෙන්ම ඔවුන් දකුණු පළාතේ ඇඹිලිපිටියේ සිට උතුරු පළාතේ පලෙයි දක්වා නිෂ්පාදන පහසුකම් ( production facilities) සැපයීමේ ස්ථාන හයක් ක්‍රියාත්මක කරමින් එම ප්‍රදේශවල ස්වභාවික සම්පත් ජාත්‍යන්තර වෙළෙඳ පොළට සම්බන්ධ කරමින් අපේ රටේ ජනතාවගේ ජීවනෝපාය සඳහා සහය වෙමින් සහ නඟා සිටුවීමට කටයුතු කරමින් සිටියි.
මෙම අවස්ථාවට නෙදර්ලන්තයේ Van Der Knaap සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Jelte Veenstra , TFG සමූහයේ නිළධාරින් සහ සේවක මණ්ඩලය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.